W. S. P. වැල්ලවත්ත මහතා
නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ ( සංවර්ධන )
මීගමුව කොටිඨාශ අධ්‍යාපන කාර්්‍යාලය.
අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වන්නේ සාර්ථක පුරවැසියන් බිහිකිරීමයි. ජීවිතයේ යහ පැවැත්ම ඉටුකර ගැනීමට ඉවහල් වන ක්‍රියාකාරකම්වල නිරත වීමට පුරුදු පුහුණු කිරීම පාසැල් අධ්‍යාපණය තුලින් සිදු කෙරේ. අධ්‍යාපන කි‍්‍රයාකාරකමක්, පාඩමක්, අභ්‍යාසයක් තුල ප්‍රධාන කුසලතා 05 ක් අඩංගුවේ.
01. සන්නිවේදනය - තොරතුරක් නිවැරදිව ග්රහනය කර ගැනීමටත් එම තොරතුර නිවැරදිව තව කෙනෙකුට දැන්වීමටත් මෙම සන්නිවේදන කුසලතාවයෙන් බලාපොරොත්තු වේ.
02. පරිසරය- පුද්ගලයා දැනුමෙන් වර්ධනය වන්නා සේම පරිසරයට ගැලපෙන හා පරිසර හිතකාමීව සිතීමට, කි‍්‍රයා කිරීමට පුරුදු පුහුණු කිරීම මෙහිදී බලාපොරොත්තු වේ. බොහෝ දෙනා විවිධ අංශ වලින් දැනුම ලබාගෙන ඇතත් පරිසරය ගැන සංවේදිතාවයක්, හුරුවක් නැත්නම් ඔවුන් විසින් පරිසරයට හානි වන අන්දමේ තීරණ ගැනීමට පෙළඹේ. උදාහරණයක් ලෙස, එක්තරා කාලයකදී සිංහරාජ වනාන්තරයේ ගස් කපා තුනී ලෑලි සෑදීමට එවකට සිටි නිලධාරින් පිරිසක් තීරණයක් ගෙන තිබුණි. මෙවැනි දෙයක් සිතට ඇතිවන්නේ ඔවුන් තුළ පරිසර සංවේදීතාවක් කුඩා කල සිට පුරුදු පුහුණු වී නොමැති නිසාය.
03. ආගමික හා සදාචාරය- පුද්ගලයා තුළ කුඩා කල සිටම හරි- වැරැුද්ද, හොඳ-නරක පිළිබඳ නිවැරදි ආකල්ප ඇතිකිරීමට පුරුදු කිරීම මෙයින් බලාපොරොත්තු වේ. සමාජයේ යහ පැවැත්ම උදෙසා එ් එ් සමාජවල තිබෙන වටිනාකම් පිළිබඳ පුද්ගලයන් තුළ හොඳ වැටහීමක් ඇතිකිරීම මෙයින් බලාපොරොත්තු වේ.
04. කී‍්‍රඩා සහ විවේකය- පුද්ගලයන්ගේ් ශාරීරීක හා මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා නිවැරදිව ක්‍රිඩා කිරීම හා නිවැරදිව විවේකය ගතකිරිමට අවශ්‍ය වේ. මෙය හරිහැටි නොදන්නා පුද්ගලයා අනවශ්‍ය ලෙස තමාගේ කාලය නාස්ති කරමින් ශරීර සෞඛ්‍යයට නොගැළපෙන කි‍්‍රයා කාරකම් කරමින් ජීවිතය විනාශ කරගනී. උදාහරණයක් ලෙස, යම් කෙනෙක් විවේකය ගත කිරීමට සිතා පැය ගණන් අනවශ්‍ය වෙලාවන් වල නිදා ගැනීම දැක්විය හැකියි. මෙවැනි දෑ සිදු වන්නේ කුඩා කල සිට නිවැරදිව කි‍්‍රඩා කිරීම හා විවේකය ගතකරන ආකාරය පුහුණු වී නොමැති නිසාය.
05. ඉගෙනුමට ඉගෙනීම- නවීන ලෝකයේ දැනුම ඉතා වේගයෙන් අ`ඵත් වෙමින් පවතී. මාස ගණනකට පෙර දැන සිටි කරුණු තව දුරටත් ප්‍රමාණවත් නොවීමට ඉඩ ඇත. පසුගිය වසරේ භාවිතා කල ටේප් රෙකෝඩරයට වඩා වෙනස් නවීනතම ක්‍රම අනුව කි‍්‍රයාත්මක වන ඩිජිටල් රෙකෝඩර් අද ඇත. එ්වා ගැන දැනුම ලබාගැනීමට නම් පුද්ගලයාට දැනුම ලබා ගන්නා අන්දම පුරුදු පුහුණු කළ යුතුය. දැනුම දීම වෙනුවට ඉගෙනුමට ඉගෙනීමේ ක්‍රම අද ලෝකයේ ප්‍රචලිත වී ඇත්තේ මේ නිසාය. තොරතුරක් ලබා ගන්නා අන්දම, එ් සඳහා යා යුතු ස්ථාන, පරිපාලන කටයුතු මුලාශ්‍ර, පුද්ගලයන් ආදිය සොයාගැනීමට සිසුන්ට පුහුණුවක් ලබා දීම මෙයින් බලාපොරොත්තු වේ.
ව්‍යාපෘති වලින් අපේක්ෂා කරන්නේ කුමක්ද ?
ඉහත දැක්වූ කුසලතාවන් සිසුන් තුළ ඇතිකිරීම සඳහා අත්හදාබැලීමට අවස්ථාවක් ලබාදීම ව්‍යාපෘති වලින් බලාපෙරොත්තු වේ. කි‍්‍රයාකාරකම් ව්‍යාපෘතියක් කිරීමේදී සිසුන් තුළ සන්නිවේදන කුසලතා හොඳින් වර්ධනය වීමක් සිදුවේ. විශේෂයෙන් ව්‍යාපෘතියට අවශ්‍ය තොරතුරු ලබාගැනීමේදී විවිධ පුද්ගලයන් මුණගැසී සාකච්ඡුා කිරීම සිසුන්ට අවශ්‍ය වේ. වීදියේ ජීවත් වන ළමයාගේ සිට උසස් මට්ටමේ රැුකියාවල නියුතු විධායක ශේණියේ නිලධාරියෙකු දක්වා විශාල පරාසයක පුද්ගලයන්ව මුණ ගැසීම කළ යුතුය. එහිදී සිසුන් තුළ එ් එ් අය සමග සාකච්ඡුාකිරීමේදී සන්නිවේදන කුසලතා වර්ධනය කර ගැනීමට සිසුන්ට හැකිවේ.
විවිධ පුද්ගලයන් මුණගැසිමේදී ඔවුන් සමග සාකච්ඡුාකිරීමට පෙර නිවැරදි පිවිසුම් ක්‍රම යොදා ගත යුතුය. අවසර ලබාගැනීම, දැනුම් දීම, විදුහල්පති මගින් ලිපියක් යොමු කිරීම, අවසර ලබාගත් ලිපියක් රැුගෙන යෑම. තමන්ගේ අරමුණු නිවැරදිව ඉදිරිපත් කිරීම වැනි විවිධ සන්නිවේදන ක්‍රම භාවිතා කිරීමට සිදුවේ. මේවා පිළිබඳ හොඳ පළපුරුද්දක් ව්‍යාපෘතිය අවසානයේදී සිසුන්ට ලැබෙනු ඇත.
තොරතුරු රැුස්කිරීමේදී ඉගෙනුම් කි‍්‍රයාවලියට සිසුන් නිතැතින්ම යොමුවන අතර තමා ලබාගත යුතු තොරතුරු මුලාශ්‍රයන් හා පුද්ගලයන් යනාදී පිළිබඳ දැනුමක් ඔවුන් තුළ ඇතිවේ. විශේෂයෙන් නවීන ලෝකයේ දැනුම සෙවීමට පුස්තකාල හා අන්තර්ජාල පහසුකම් ලබාගත යුතුය. මේ නිසා ව්‍යාපෘතියක් තුළින් සිසුන් ප්‍රායෝගිකව වැඩ රාශියකට සම්බන්ධ කෙරේ. එබැවින් ව්‍යාපෘතියක් සාර්ථකව නිමකරන සිසුවෙකු තුළ සාර්ථක පුරවැසියෙකු වීමේ ගුණාංග හා වටිනාකම් පිහිටනු ඇත.
ව්‍යාපෘති අසාර්ථක වීමට තිබෙන ඉඩකඩ මොනවාද ?
බොහොමයක් සිසුන් ව්‍යාපෘති තොර ගන්නේ වෙනත් අයගේ ව්‍යාපෘති වලින් තොරතුරු ලබාගැනිමේ හැකියාව අනුවයි. ඊට අමතරව සිසුන්ට තොරතුරු ලබාගත හැකි පහසු මාර්ගය වන අන්තර්ජාලය භාවිතා කිරීමේ හැකියාවද ව්‍යාපෘති ලිවිමේදී සිසුන් සැලකිලිමත් වන කරුණකි. බොහෝ දෙනා කලින් කල ව්‍යාපෘති හෝ අන්තර්ජාල තොරතුරු කොපි කිරීමෙන් ව්‍යාපෘතියක් සකස්කරනු පෙනේ. ව්‍යාපෘති වලින් අපේක්ෂා කරන අරමුණින් බැහැරව කටයුතු කිරීමට අද බොහෝ සිසුන් පෙළඹී ඇත්තේ පොටෝකොපි ඇතුළු මේ කොපි ක්‍රම අනුගමනය කිරීම නිසාය. නමුත් සිසුන්ගේ ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් හා අනෙකුත් වාර්තා නිවැරදිව නඩත්තු කරන්නේ දැයි කියා ගුරුවරුන් පරික්ෂා කරන බැවින් සිසුන්ට වෙනත් ව්‍යාපාති එලෙසින්ම කොපි කිරීමට තිබෙන ඉඩකඩ ඇහිරීමක් සිදු කල හැක. කෙසේ වෙතත් ස්වාධීන නිර්මාණයක් බිහිකිරීමට මහන්සි වන සිසුන්ට මෙම ව්‍යාපෘති අභ්‍යාසය අසාර්ථක අත්දැකීමක් නොවන බව පසුගිය කාලය තුළ සිසුන් ලබා ඇති ප්රතිලාභ දෙස බලන විට පැහැදිළිය.
ව්‍යාපෘතිවලින් සිසුන්ට ලැබෙන ප්රතිලාභ මොනවාද ?
සිසුන්ගේ ඉගෙනුම් කුසලතා වර්ධනය වීමට අමතරව මෙම ව්‍යාපෘති ප්‍රායෝගීකව භාවිතා වු අවස්ථා පිළිබඳ අත්දැකීම් බහුලව ඇත.
උදා. 01- ඉතාම දිළිඳු පවුලක උසස් පෙළ හදැරූ සිසුවකු විසින් තම ව්‍යාපෘතිය සඳහා බිම් මල් වගාව තෝර ගන්නා ලදී. උසස් පෙළ අවසන් කල පසු එම සිසුවා බිම්මල් වගාව දිගටම පවත්වාගෙන යෑම තුළින් තම පවුලේ ආර්ථිකයට යම් විසඳුමක් ලබා ගැනීමට සමත්වී ඇත. අද ඔහුගේ පවුලේ අය ජිවිතය ගැටගසා ගන්නේ බිම් මල් ව්‍යාපෘතිය නිසාය.
උදා. 02- ව්‍යාපෘතියක් අවසන් කල පසු බොහෝ දෙනාට තමන් කළ ව්‍යාපෘතිය අමතකව යෑම සිරිතකි. නමුත් තමත් යම් රැුකියාවකට ( විශේෂයෙන් පුද්ගලික අංශයේ රැුකියාවකට* යෑමේදී තමන් කළ ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීමට හැකි බව බෙහෝ දෙනා නොදන්නවා විය හැක. යම් රැුකියා අවස්ථාවක් ලබා ගැනිමට තමන් කළ ව්‍යාපෘතිය මගින් සිසුන්ට හැකි වී ඇත.
උදා. 03- තමන් තෝරා ගත් ව්‍යාපෘති ක්ෂේත්රය උසස් අධ්‍යාපණයට හෝ වෘත්තීය පුහුණු පාඨමාලාවකට හෝ යෑමේදී අතිශයින්ම වැදගත් වේ. සිසුන් විසින් කල ව්‍යාපෘති වලින් ඔවුන් ලබා ගන්නා ප්‍රායෝගීක පුහුණුව වෘත්තීමය පාඨමාලා වලදී ඉහළ ළකුණු ලබා ගැනීමට අවස්ථාවක් වේ.
උදා. සිසුවෙකුට විද්ර්යුත් සන්නිවේදනය හා ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආශ්රයෙන් කළ පාසැල් ව්‍යාපෘතියක් නිසා තමන්ගේ වෘත්තීමය පාඨමාලාවේ විදුලි හා ඉලේක්ට්‍රොනික් ක්ෂේත්රය තෝරා ගැනීමට විශාල පිටුවහලක් වී ඇත.
උදා. 04- සිසුවකු විසින් ආපනශාලා පිළිබඳ කළ ව්‍යාපෘති හැදෑරීමක් නිසා එම පාසැලේ ආපන ශාලාව ආදර්ශමත් හා සෞඛ්‍ය සම්පන්න ආපන ශාලාවක් බවට පත්කිරීමට හැකි වී ඇත. මේ නිසා එම සිසුවියට පාසැලට අමතක නොවන පමණක් නොව පාසැල් ආපන ශාලාවලට ප්‍රතිපත්තියක් ඇයගේ ව්‍යාපෘතිය විසින් සැකසීමට තරම් ප්‍රායෝගිකත්වයක් ඈ ලබා දී ඇත.
ව්‍යාපෘති සාර්ථක කර ගැනිමට සිසුන් සලකා බැලිය යුත්තේ කුමක්ද ?
01- ව්‍යාපෘති කාලය.
උසස් පෙළ ආරම්භ වන්නේ මැයි -ජුනි මාසවලදීය. ජුලි වන විට උසස් පෙළ ව්‍යාපෘති ආරම්භ කළයුතු කාලයයි. දෙසැම්බර් වන විට ව්‍යාපෘති අවසන් කල යුතුයි. ආරම්භක අවස්ථාවේ සිට ව්‍යාපෘති වලට මහන්සි වීම තුළින් ළමුන්ගේ අධ්‍යාපනයට බාධාවක් ඇති නොවන අන්දමින් උසස් පෙළ ව්‍යාපෘතිය අවසන් කළ හැකි වේ.
02. ව්‍යාපෘති ක්ෂෙත්රය අනාගතයට යොමුවක් වන ලෙස තෝරාගැනීම
ව්‍යාපෘති තොරාගැනීමේදී ව්‍යාපෘති ක්ෂේත්රය අනාගතයට ප්‍රයෝජනවත් වීම ගැන සලකාබැලීම ප්රයෝජනවත්වේ. විශේෂයෙන් කලින් කළ අයගේ ව්‍යාපෘති ගැන සිතීම වෙනුවට තමන්ගේ අනාගත පැවැත්ම හෝ ඉදිරි අධ්‍යාපනය ගැන සලකා ව්‍යාපෘති තෝරා ගැනීමට සිසුන් සැලකිලිමත් වන්නේ නම් වැදගත් වේ. මෙම ව්‍යාපෘතියට සූදානම් වීමේදී තමන්ගේ ජීවිත අරමුණ හා ඉදිරි යොමුව ගැන දැක්මක් සිසුන් තුළ ඇතිවේ නම් එය සාර්ථක ව්‍යාපෘතියක් වනු ඇත.
ව්‍යාපෘති සඳහා සහය ගත යුත්තේ කෙසේද ?
01. විවිධ ආයතන - පරිසර සංරක්ෂණ සංවිධාන, අධ්‍යාපණික පරිඝනක ආයතන, තොරතුරු පුස්තකාල.
02. විවිධ පුද්ගලයන්- එ් එ් ක්ෂේත්රයන් තුළ ප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයන්ගේ දැනුමෙන් හා ප්‍රායෝගිකව.
Thursday, February 14, 2008
Subscribe to:
Post Comments (Atom)
1 comment:
Sultan Casino | Shootercasino
Sultan Casino. deccasino SultanCasino. SultanCasino. Online Slots / Live Casino. SultanCasino. SultanCasino. 메리트카지노총판 Top 제왕카지노 Online Slots / Live Casino. SultanCasino.
Post a Comment