Thursday, February 14, 2008

උසස් පෙළ ව්‍යාපෘති සඳහා නව මඟක් සොයාගැනීමට අත්වැලක්

ප‍්‍රශ්ණ අංක 1
මීගමුව ප‍්‍රදේශයට අදාලව තොරාගතහැකි නව ව්‍යාපෘති ක්ෂේත‍්‍ර තිබේද ?

පිළිතුර 1
මීගමුව නගරය හා ආශ‍්‍රිත ප‍්‍රදේශය විවිධ ක්ෂේත‍්‍ර යටතේ නිරන්තරයෙන්ම වෙනස්වන හා
රටටම විශේෂවන සිදුවීම්වලින් බහුලය. එමෙන්ම වසර 500 ක් කාලයක් තුළ විකාශනය වන
ක්ෂේත‍්‍ර පිළිබඳ ගවේශණය කිරීම අධ්‍යාපනික වශයෙන් වටිනාකමක් සහිතය. බොහෝ දෙනා යොමුවන ක්ෂේත‍්‍ර වල වුවත් අවධානයට ලක් නොවූ අංශ ප‍්‍රභේද බොහෝමයක් තවමත් අනාවරණය නොවී පවතී. වෙනත් අය අවසන් කළ ව්‍යාපෘතිම එම මාතෘකා යටතේම එම දත්ත හා තොරතුරුම භාවිතාකරමින් ලියන ව්‍යාපෘතිවලට සීමා නොවී නව මඟක් ගැනීමට කැමති හා ගවේශනාත්මක කාර්්‍යක යෙදීමට සොයන සිසුන් හට පර්යේෂණ කිරීමට හොඳ පසුබිමක් මීගමුව ප‍්‍රදේශය සපයයි.

ආදර්ශ ව්‍යාපෘති ක්ෂෙත‍්‍රය -
මිගමුව අලංකාර නගරයක් කිරීමට පාසැල් ළමුන්ගේ දායකත්වය

ප‍්‍රශ්ණ අංක 2
ව්‍යාපෘති සඳහා තොරතුරු ලබාගහැකි සම්මත ස්ථාන හා මූලාශ‍්‍ර වෙනුවට විකල්ප ස්ථාන මූලාශ‍්‍ර තිබේද ?

පිළිතුර 2
ව්‍යාපෘති ලිවීමේදී නිවැරදි හා කාලීන දත්ත සහ තොරතුරු ලබාගැනීම ඉතා වැදගත් වේ.
බොහෝදෙනා මෙම තොරතුරු ලබාගැනීමට යොමුවන්නේ සම්මත හා පහසු මූලාශ‍්‍ර වෙතටය. උසස් පෙළ විභාගය ඉලක්ක කරගත් සිසුන් බලාපෙරොත්තු වන්නේ හැකි ඉක්මණින් පහසුවෙන්ම මෙම අභ්‍යාසය අවසන්කර ලකුණු ලබාගැනීමටයි. සම්ප‍්‍රදානුකූලව සිතන සිසුන්ට එසේ කිරීමට ඉඩතබා නව මඟක් ගැනීමට සූදානම් සිසුන්ට දත්ත හා තොරතුරු ලබාගැනීමට යොමුවය හැකි විකල්ප ස්ථාන හා මූලාශ‍්‍ර බොහෝමයක් තිබේ.

ආදර්ශ විකල්ප තොරතුරු මූලාශ‍්‍ර -
මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - සැලසුම් හා සංවර්ධන අංශය
මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය නිලධාරි කාර්යාලය
පාසල් ළමා සෞඛ්‍ය සමාජ
විදේශ රටවල පාසැල් වලින් සිදුකරන පරිසර වැඩසටහන් - ජපානය
රතුතුරුස සමාජය - ස්වෙච්ඡා සේවය - ශ‍්‍රමදාන

ප‍්‍රශ්ණ අංක 3
ව්‍යාපෘතියෙන් සිසුන්ට පාසලට හා ප‍්‍රදේශයට ප‍්‍රයෝජනවත් සේවාවක් ලබාදියහැකි ද?

පිළිතුර 3
මීගමුව ප‍්‍රදේශය ප‍්‍රාදේශික ජාතික හා අන්තර්ජාතික වශයෙන් ඉතා වැදගත්කමක් උසුලන හේතුසාධක බොහෝමයකට උරුමකම් කියන නගරයකි. දිස්ත‍්‍රික්කයේ අගනගරය නොවුනත් මීගමුව ප‍්‍රාදේශීය වශයෙන් වැදගත්වන සේවාවන් රැුසක් ඉටුකරන නගරයකි. අධිකරණය, රෝහල උසස් මට්ටමේ පාසල් හා අධ්‍යාපන ආයතන, ගමනාගමන පහසුකම්, වෙළඳ හා වානිජ කටයුතු වැනි සේවාවන් උදාහරණ ලෙස දැක්විය හැක.

ධිවර කර්මාන්තය, වරාය පහසුකම්, මීගමුව කලපුව හා කොළඹට ආසන්න වානිජ නගරයක් වීම යන කරුණු ජාතික වශයෙන් වැදගත් වේ. කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපල, විදේශිකයින් සඳහා හෝටල් පහසුකම් හා සනීපාරක්ෂාව සැපයීම, වැනි සාධක අනුව අන්තර්ජාතික වශයෙන් මීගමුව වැදගත් නගරයක් වේ. මෙම කරුණු ස්වල්පය වුවද සැලකිල්ලට ගත්විට ව්‍යාපෘතියක් මඟින් අනාවරණය කළ හැකි යෝජනා කළ හැකි නව සොයාගැනීම් අතිවිශාලයි.

ආදර්ශ ව්‍යාපෘතියක් ලෙස මීගමුව නගරය අලංකාර නගරයක් කිරීම යටතේ මීගමුවේ තිබෙන වැදගත්කම හා අද මීලමුවේ පරිසරය දෙස බලනවිට ඉතා වැදගත් සේවාවක් සපයන ව්‍යාපෘතියක් බවට මෙවැනි ව්‍යාපෘතියක් ඇගයීමට ලක්වනු ඇත. ආර්ථීක සමාජීය දේශපාලනික පාරිසරික පාරිභෝගික සංස්කෘතික මානවවිද්‍යාත්මක පුරාවිද්‍යාත්මක සෑම අංශයකින්ම තොරතුරු මීගමුව සතුය.

ප‍්‍රශ්ණ අංක 4
ව්‍යාපෘතිය නිබන්ධනයක් ලෙස පොතක් ලෙස මුද්‍රණය කර බෙදාහැරිය හැකිද?

පිළිතුර 4
ව්‍යාපෘතියක් ප‍්‍රකාශයට පත්කිරීම වැදගත්වන්නේ එයින් සමාජයට යම් සේවයක් නව දැනුමක් හා අත්දැකීමක් ලබාදියහැකිනම් පමණි. පාසැල් ව්‍යාපෘති අතර එවැනි සමාජ වටිනාකමක් සහිත ව්‍යාපෘති තිබේ. නමුත් ප‍්‍රකාශයට පත්කිරීමේ අරමුණක් පාසැල්වලට නොමැතකමින් එවායින් ලබාගතහැකි වටිනා සේවය සමාජියට අහිමිවී යනු ඇත. ඉදිරියේදී මෙවැනි සමාජවටිනාකමක් සහිත ප‍්‍රායෝගිකව අත්හදා බැලියහැකි ව්‍යාපෘති මෙන්ම නව අදහස් සහිත ව්‍යාපෘති මුද්‍රණය කර බෙදාහැරීමේ අවස්ථාව පාසැල් සිසුන්ට ලැබෙනු ඇත.
ආදර්ශ ව්‍යාපෘතියක් ලෙස මීගමුව අලංකාර නගරයක් කිරීමේදී පාසැල් සිසුන්ගේ දායකත්වය වැනි ව්‍යාපෘතියක් පුවත් පතකින් එළිදැක්වීම හා ප‍්‍රකාශණයක් ලෙස බෙදාහැරීම සිදුකිරීම මඟින් පරිසර සංවිධානවලට ආයතන වලට අනාගත සැලස්ම් සැකසීම සඳහා ප‍්‍රයොජනයට ගතහැකිවේ.

ප‍්‍රශ්ණ අංක 5
ව්‍යාපෘති වාර්තා වැඩසටහනක් ලෙස විඩියෝපටයක් ආකාරයෙන් නිෂ්්පාදනය කළහැකිද?

පිළිතුර 5
තොරතුරු තාක්ෂණය දියුණුවෙන් දියුණුවට පත්වෙමින් තිබෙන මෙම යුගයේ ශ‍්‍රීලංකාවට පමණක් ඉන් බැහැරව සිටිය නොහැක. වෙනත් රටවල පාසල් පද්ධතිය තොරතුර තාක්ෂණය යොදාලනිමින් අධ්‍යාපන කටයුතුවලට නවජවයක් ලබාදීඇත. සම්පත් බෙදීයාමේ අසමානතාවය නිසාත් දැනුම ලබාගැනීටම් ප‍්‍රමාදය නිසාත් තවමත් අපේ රටේ පාසල්වලට තොරතුරු තාක්ෂණය භාවිතාවට ගැනීමට නොහැකිවී තිබේ. මෙම තත්ත්වට හමුවේ සිසුන්ගේ සමාජවටිනාකමක් සහිත ව්‍යාපෘති නව තොරතුරු තාක්ෂණය යොදාගනිමින් වාර්තා වැඩසටහන් ලෙස නිෂ්පාදනය කොට අන්තර්ජාලය හරහා බෙදාහැරීමට සිසුන්ට අවස්ථාව ලබාගත හැක.

ප‍්‍රශ්ණ අංක 6
උසස් පෙළ අවසන් කළ පසු ව්‍යාපෘතියට පාදකවූ කරුණු හැදෑරීමට ලිවීමට හා යොජනා
ක‍්‍රියාත්මක කිරීමේ වැඩසටහන් සැකසීමට සම්බන්දවිය හැකිද?

පිළිතුර 6
විභාග අවසන් කළ පසු සිසුන් විවිධ ක්ෂේත‍්‍ර වලට යොමුවේ. රැුකියාවන් සඳහා වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට විවිධ පාඨමාලා හැදෑරීමට පෙළෙඹී. එසේම විවිධ රැුකියාවන් සොයාගැනීමට යුහුසුළුවේ. මෙලෙස කාලය ගතකරන අතර බොහෝදෙනාට තමන් ව්‍යාපෘතියක් ලෙස ගොනුකරගත් තම අත්දැකීම් ඔස්සේ ඉදිරියට යාමට හැකිවෙතැයි නොසිතෙයි. නමුත් තමන් නව මඟක් ඔස්සේ ව්‍යාපෘති සැකසීමට පෙළෙඹෙන්නේ නම් ඉහත දැක්වූ පියවර අනුව යමින් තමන්ගේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට හා ඒ තුළින් නව වැඩපිළිවලකට ආරම්භයක් සැපයේ.

ප‍්‍රශ්ණ අංක 7
අනාගතයේ යෙදෙන වෘත්තියක් ලෙස හෝ උනන්දුවන ක්ෂේත‍්‍රයක් ලෙස මෙම ව්‍යාපෘතිය
යොමුවක් විය හැකිද ?

පිළිතුර 7
ව්‍යාපෘතිවලින් පසු ඒවා තවදුරටත් වැදගත් නොවන්නේ තමන් ඒවායින් ලබාගන්නා අධ්‍යාපනය තමන්ගේ ජීවිතය නව මඟකට යොමුකිරීමට තරම් සුදුසු හෝ ප‍්‍රමාණවත් නොවන නිසාවන්නට පුළුවන. උසස් පෙල මට්ටමට අවසන්කරන ව්‍යාපෘති තවදුරටත් සංවර්ධණය කිරීමට පෙළෙඹෙන සිසුන්ට ඒමඟින් ගොඩනඟාගන්නා වැඩපිළිවලක් ඔස්සේ තමන්ගේ වෘත්තීය සුදුසුකම් ලබාගතහැකි හැකිවන බව සිතන්න.

No comments: